Monday, August 15, 2011

බෝ නොවන රෝග


බෝ නොවන රෝග

රෝගී පුද්ගලයෙකුගෙන් නිරොගී පුද්ගලයෙකුට බෝ නොවන රෝගතත්ව මෙලෙස හැදින්වේ.


  • මෙම රෝග තත්ව දීර්ගකාලීන ප්‍රතිකාර ලබාගතයුතුවේ
  • දීර්ගකාලීනව අතුරුආබාද ඇතිකරයි


බෝනොවන රෝගතත්ව

  • අධික රුධිර පීඩනය-Hypertention
  • හෘද රෝග-Ischemic Heart Disease
  • දියවැඩියාව-Diabitic Mellus
  • පිලිකා-Cancer
  • හදිසි අනතුරු-Accident
  • ස්තුලතාවය(ප්‍රමානයට වඩා බර වැඩිවීම)
  • ඇසේ පෙනීමේ දුරුවලතා
  • රූමැටික්,ආතරයිටිස් වැනි රෝගතත්ව
  • ඇදුම රෝගය


ඇතිවීමට හේතු

  • ජානමය හේතු
  • ජීවන රටාවල වෙනස්කම්
  • හේතුකාරකයක් නොමැතිව-Non Pathgenic

Sunday, August 7, 2011

බෝවන රෝග හා සරස් ආසාදනය

බෝවන රෝග හා සරස් ආසාදනය
යම්කිසි පුද්ගලයෙකුගෙන් තවත්කෙනෙකුට ඇතිවියහැකි
රෝගවේ.
බෝවන රෝගයකට ගොදුරුවු පුද්ගලයකුගේ ශරීරයෙන් පිටවන විෂබීජ නිරෝගී පුද්ගලයෙකුට ශරීරගතවී එම රෝගය වැළදීමයි. වර්තමානයේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග වැළදීම වැඩිවී ඇත.

බෝවන රෝග පැතිරේන ක්‍රම
  • වාතය මගින්
  • වතුර මගින්
  • ආහාර මගින්
  • සතුන් මගින්(මීයා,මදුරුවා,මැස්ස,)
  • මිනිසාගේ තරල මගින්(රුධිරය,සෙම,සොටු,කඳුළු,ශුක්‍ර තරල,යෝනි තරල)
  • ස්පර්ශයෙන්
  • පරිහරණය කරන රෙදිපිලි උපකරණ මගින්


ජලය මගින් බෝවන රෝග
කොලරාව,සෙංගමාලය,පෝලියෝ,අතීසාරය,පාචනය,උණසන්නිපාතය

වාතය මගින් බෝවන රෝග
ක්ෂය රෝගය,සෙම්ප්‍රතිශ්යාව,H1N1,ලාදුරු,සරම්ප.පැපොල

ආහාර මගින් බෝවන රෝග
කොලරාව,සෙංගමාලය,පෝලියෝ,අතීසාරය,පාචනය,උණසන්නිපාතය

සතුන් මගින් බෝවන රෝග
ඩෙංගු රෝගය,මැලේරියා රෝගය,බරවා රෝගය,මී උණ,ජැපනීස් එන්කෙපලයිටීස්,ජලභීතිකාව



සරස් අසාදනය

මෙයින් අදහස් කෙරෙනුයේ රෝහල තුලදී එක් රෝගියෙකුගේ රෝගයක් තවත් අයෙකුට බෝවීමයි.මෙහිදී රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුටත්, රෝගියෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයෙකුටත්,සෞඛ්‍ය කාර්යමන්ඩලයෙන් වෙනත් රෝගියෙකුට හෝ නිවසේ අයට බෝවිය හැක.



මේවා වලක්වාගත හැකි ක්‍රම

  • අත් සේදීම වැනි විශ්ව ආරක්ශන ක්‍රම භාවිතා කිරීම
  • රෝගියා අන් අයගෙන් වෙන් කිරීම
  • සාත්තුසේවකයින් වෙන්කිරීම
  • රෝගියා බැහැරකරන ශ්‍රාවයන් විශබීජ නාශක යොදා බැහැරකිරීම
  • රෝගියා වෙනුවෙන් වෙනම උපකරන තබාගැනීම



බොවෙන රෝග වලක්වාගැනීම සඳහා උපස්ථායකයෙකු සතු වගකීම

  • වහාම අදාල පුද්ගලයන්ට දැනුම් දීම
  • වාට්ටුවේ රෝගීන් හදුනාගැනීමට උදවු වීම
  • රෝගීන් පරික්ෂාවේදී වෛද්‍යවරයාට හෙද නිළධාරිනියට සහයවීමට අවශ්‍ය උපකරණ සපයාදීම හා එවා පිරිසිදුකිරීම
  • රෝගියා වෙන්කර සාත්තු කිරීම
  • රෝගියාට සාත්තුකිරීමෙන් පසු උපකරණ පිරිසිදු කිරීම නිසියාකාරව කලයුතුය
  • අත්සේදීම මගින් වෙනත් කෙනෙකුට රෝගය බෝවීම වැලක්වීම
  • මළ මුත්‍රා අස්කිරීමේදී භාජන පිරිසිදුකිරීම නිසිපරිදි කලයුතුය
  • නිදර්ශක එහා මෙහා ගෙනයාමේදී ප්‍රවේශමෙන් හා ඉක්මනින් ගෙනයාමට කටයුතුකල යුතුය ඒ සඳහා අවශ්‍ය ග්ලවුස්,මාස්ක් ගැනීම අත්සේදීම කලයුතුය
  • බෝවන රෝග ගැන අවබෝධය ලබාගැන තිබීම මගින් තමාවත් අන් අයවත් කාර්යමන්ඩලයටත් රෝගීන්ටත් ආසාදන පැතිරීම වලක්වා ගතහැක
  • ශල්‍යකර්ම සඳහා රෝගීන් සූදානම් කිරීමෙදී රෝගීන් හොදින් නාවා පිරිසිදුකර ශල්‍යකර්මය කරන ස්ථානයේ රෝම ඉවත්කර හොදින් පවිත්‍රකර පිරිසිදු ඇදුම් අන්දවා ශල්‍යකර්මයට රොගියා සූදානම් කිරීම

මූලික මිනිස් අවශ්‍යතා හා රෝගියාගේ අයිතිවාසිකම්

මූලික මිනිස් අවශ්‍යතා හා රෝගියාගේ අයිතිවාසිකම්


මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපාන සාදක

  • පාරිසරික සාදක

වාතය දූෂණය වීම,නියං හා ගංවතුර


  • ආර්ථික හා සමාජ සාදක

දිලිඳු කම,ජනගහනය අධික වීම,ජීවන රටාවල වෙනස්කම්


  • ප්‍රවේනි රෝගතත්ව

උපතින් ඇතිවන රෝගතත්ව,දියවැඩියාව,අධි රුධිර පීඩනය,අංගවිකල බව,මන්ද බුද්ධික බව




රෝගී සත්කාරය සම්බන්ධව මූලධර්ම 14 කි

(වර්ජිනියා හැන්ඩසන් වාර්ථාවට අනුව)

  • ස්වසනයේදී රෝගියට සහයවීම
  • ආහාර පාන ගැනීමේදී රෝගියට සහයවීම
  • බහිශ්‍රාව්‍ය කටයුතුවලදී සහයවීම
  • ඇවිදීම,හිටගැනීම,ඉරියවු පවත්වාගැනීම,ඉරියවු මාරුකිරීමට සහයවීම
  • විවෙක ගැනීමට හා නිදාගැනීමට සහයවීම
  • ඇදුම් තෝරාගැනීමට,ඇදුම් ඇඳගැනීමට හා මාරුකිරීමට සහයවිම
  • ශරීර උෂ්නත්වය සාමාන්ය තත්වයක පවත්වා ගැනීමට සහයවීම
  • සම,ශරීරෙය පිරිසිදුව පවත්වා ගැනීමට සහයවීම
  • පරිසරයෙන් වියහැකි අනතුරුවලින් වැලක්වීම
  • හැගීම් හා අවශ්‍යතාවයන් ප්‍රකාශකිරීම සඳහා අන් අය සමග අදහස් ප්‍රකාශකිරීමට අවස්තාව ලබාදීම
  • රෝගියාට ටම ආගම සිහිකිරීමට හෝ ඔහු මටයන් තහවුරුකරගැනීමට සහයවීම
  • ඉගැන්වීමට සහයවීම
  • රෝගියාට ඵලදායි වැඩක නිරතවීමට සැලස්වීම



රෝගියාගේ අයිතිවාසිකම්

  • රෝගියාට සැලකිය යුතු ගෞරවනීය සේවයක් ලබාගැනීමට
  • රෝගියාගේ රෝගතත්වය හා ප්‍රථිකාර දැනගැනීමට හා රෝගයනිසා අටිවන අතුරුආබාද ගැන දැනගැනීමට
  • ප්‍රථිකාර කිරීමට පෙර හා පිළිවෙත් කිරීමට පෙර රෝගියාගෙන් අවසර ගැනීම
  • සීමාවක් දක්වා රෝගියාට ප්‍රථිකාර ප්‍රතික්ශේප කිරීමට අයිතියක් ඇත
  • රෝගී සාත්තුව පිලිබඳ සියලුම වාර්තා වල ඇති දේවල් දැනගැනීමට ඇති අයිතිය
  • රෝග විනිශ්චව පරීක්ෂණ සම්බන්දව ප්‍රතික්ශේප කිරීමට අයිතියක් අත
  • විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඇති අයිතිය
  • රෝහල් ගාස්තු දැනගැනීමට ඇති අයිතිය
  • රෝහල් නීති රීති දැනගැනීමට ඇති අයිතිය

Saturday, July 30, 2011

පිරිසිදු කිරීමේදී පිලිපැදිය යුතු කරුණු

පිරිසිදු කිරීමේදී පිලිපැදිය යුතු කරුණු

  • පළමුව උපකරණ රැස්කරගන්න(දූවිලිකඩ,බුරුසු,සබන් වතුර,ව්‍යාසාදකය මොප් එක)
  • දූවිලි පිසදමනවිට ඉහලසිට පහලටත් තමාගෙ පැත්තෙන් විරුද්ධ පැත්තටත් පිසදැමිය යුතුයි.
  • දූවිලි පිසදමනවිට තෙත දූවිලි කඩක් පාවිච්චි කිරීමෙන් දූවිලි පතිරයාම වලකී නමුත් ඔප දැමූ භාන්ඩ වල දූවිලි පිසදැමීමට තෙත දූවිලිකඩක් පාවිච්චිය නුසුදුසුය,හොදින් පවිත්‍රවන ආකාරයට කලයුතුය
  • ලී බඩු පිසදමනවිට දිග අතට අත තදකර පිසදැමිය යුතුයි.සියලුම ලී බඩු සතියකට වරක් පිරිසිදු කලයුතු අතර රෝගියා සඳහා ඇති ලොකරය දිනපතා පිරිසිදුකල යුතුයි.ඉවත දැමිය යුතු දෙයක් අත්නම් රෝගියාගේ අනුමැතිය ඇතිව ඉවත්කල යුතුය.


අතුගෑම

රෝගියාටත් කාරයමන්ඩලයටත් ප්‍රියජනක සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ලබාදීම සඳහා


අවශ්‍ය උපකරණ

  • කොස්ස
  • දූවිලිකඩ
  • කුණු බාල්දිය
  • වතුර බාල්දිය
  • බුරුසුවක්
  • ව්‍යාසාදක ද්‍රව්යක්(Lotion)


අතුගෑමේදී සැලකිලිමත් වියයුතු කරුණු

  • අවශ්‍ය උපකරණ රැස්කරගන්න
  • විදුලිපංකා නිවාදමන්න
  • අතුගානවිට අල්මාරි ලොකර්යට ආදී සහ මුලුගැන වඩාත් සැලකිලිවිය යුතුය.
  • වෛද්‍යවරයා රෝගීන් පරික්ෂාකරන අවස්තාවේදී රෝගීන්ට ආහාර බෙදන අවස්තාවේදී, හෙද පිලිවෙත් කරන අවස්තාවේදී(මැහුම් කැපීම බෙහෙත් දැමීම වැනි ඇවස්තාවලදී වාට්ටු අතුගෑමෙන් වලකින්න.
  • අතුගෑම රෝගීන්ට අනතුරක් මොවනලෙස කරන්න.


මොප් කිරීම

මෙහිදී මොප්කිරීමේ පරමාර්ථ වනුයේ පාවහන් මගින් ගෙනෑන විශබීජ මර්දනය කිරීමයි. විශේෂයෙන් හිරු එලිය සහ ඔක්සිජන් නොමැතිව වර්ධනයවන විෂබීජ(ඩෙටනස්,පිටගැස්ම වැනි)මේ මගින් විනාශකිරීමයි

අවශ්‍ය උපකරණ

  • මොප් එක හා ඒ සඳහා විශේෂවු මොප් බාස්කට් එක
  • සබන් වතුර
  • Fenol හො ව්‍යාසාදක ද්‍රාවනයක්

වාට්ටුවක් මොප්කිරීමට ඒ සඳහා මොප් 3ක් තිබිය යුතුය.


මොප් කිරීමේදී

  1. පළමුව කාරයමන්ඩලයේ ප්‍රදේශය
  2. දෙවනුව වාට්ටුවේ මැද
  3. අවසානයේ ආසාදිත ස්ථාන ඇති ප්‍රදේශ

මොප්කිරීම කලයුතුය.


මෙහිදී මොප්කිරීමේ පරමාර්ථ වනුයේ පාවහන් මගින් ගෙනෑන විශබීජ මර්දනය කිරීමයි. විශේෂයෙන් හිරු එලිය සහ ඔක්සිජන් නොමැතිව වර්ධනයවන විෂබීජ(ඩෙටනස්,පිටගැස්ම වැනි)මේ මගින් විනාශකල හැක.

මොප් එක විශබීජ නාශක දියරයක දමා සෝදා තද අව්වේ වේලාගත යුතුය.

වාට්ටුවල බිත්ති පවිත්‍ර කිරීම
සබන් මිශ්‍ර වතුරෙන් හෝ ව්‍යාසාදකයක් මිශ්‍ර වතුරෙන් අතුල්ලා හෝදන්න.විශේෂයෙන්ම සතියකට වරක්ම වට්ටු සෝදන්න.ඊට අමතරව බිත්ති කිලිටි අවස්තාවේදී සෝදා පවිත්‍ර කලයුතුය.බොහෝ සේ කිලිටිවී ඇත්නම් ටීන්තගා පවිත්‍ර කලයුතුය.සේදීමට හැකිවන සේ බිත්ති සඳහා එනමල් තීන්ත ආලේපකල යුතුය.

Friday, July 29, 2011

වාට්ටුව තුල හා අවට පරිසරය පිරිසිදු කිරීම

වාට්ටුව තුල හා අවට පරිසරය පිරිසිදු කිරීම


ඒකකය(වාට්ටුව)

පිරිසිදු උපකරණ,රෙදි,බිත්ති,පොළව,ව්‍යාදිජනක ජීවීන්(බැක්ටීරියා,වෛරස්,දිලීර)ගෙන් තොරවිය යුතුය.


අපිරිසිදු රෝහලකට මහජන ප්‍රසාදය අඩුවේ.එබැවින් රෝගියගේ භෞතික උපකරණ ඇතුලු බිම ලීබඩු පිරිසිදු කිරීමේ මූලධර්ම දැනගත යුතුය.

උපකරණවල පිරිසිදු බව ක්‍රමානුකූල බව අවට සුන්දර වටපිටාවක් මවයි එය රෝග්ගීන්හට සහ අමුත්තන් තුල මෙන්ම කාර්‍යමන්ඩලයේ අය අතරද සතුටක් ඇතිකරන්න සේ වැඩකිරීමේ ධෛරයද ඇතිකරයි.

යම් වාට්ටුවක මකුණු දැල් බැදී අපිරිසිදුව අපිලිවෙලකට තිබේනම් එයින් කියවෙනුයේ කාර්‍යමන්ඩලයේ අකාරයක්ෂමතාවයයි.


Wednesday, July 27, 2011

ඇඳක් පිලියෙල කිරීම

ඇඳක් පිලියෙල කිරීම

රෝහලක ඇති ඇඳන් උසට සාදා ඇත්තේ ඇඳටම සීමාවු රෝගීන්ගේ පිලිවෙත් කිරීමට කාර්යමන්ඩලයට පහසුවන පරිදිය.


රෝහල් ඇඳක උස

උස -අඟල් 27'' (30'' පමන)

දිග -අඩි 6' ,අඟල් 6''

පළල -අඩි 3'


මෙවා එහාමෙහා කිරීමට හැකිවන පරිදි රෝද සවිකර ඇත.තවද සේදීමට පහසුවන අකාරයට සකසා ඇත.රෝහල්වල ඇති ඇඳන් යකඩෙන් නිමකොට ඇත.මෙට්ටය දමන තට්ටුව යකඩ දැල් හෝ ලෑලි විය හැක.සාත්තුව ලබාදීමේදී ඒ ඒ උපකරණ සවිකිරීමට හැකි අයුරින් විශේෂ උපාංග මෙම අඳන් වලට සවිකර ඇත.විශේෂිත ඇඳන්වල ප්‍රමානය වෙනස්විය හැකි අතර රෝගියා තැබියයුතු ස්තාපිතය අනුව නිමවා ඇත.


ඇඳක් සෑදීමේ පරමාර්ථ

  • රෝගියාට සුවපහසුව හා විවේකය ලාබාදීම
  • ඒකකය නිසිපරිදි සකස්කර එවාට්ටුවේ අලන්කාරය පවත්වා ගැනීමට
  • රෝගියා නිරික්ෂණයට අවස්ත්ථාව
  • රෝගියාට ස්වශක්ටියෙන් කටයුතුකිරීමට අවස්ථාව
  • ඇඳවන අතිවීම වැලක්වීම
  • හොඳ රෝගී සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට
  • රෝගී අවශ්‍යතා අනුව ඕනෑම හදිසි වස්ථාවකට හෝ රෝගතත්වය උග්‍රවුවිට මුහුනදීමට හැකිවනපරිදි පිලියෙල කිරීම
  • රෝගියාට ව්‍යායාම කිරීමට අවස්ථාව

ඇඳක් පිලියෙළ කිරීමේ මූළධර්ම

රෝගියා හා රෝගියා ගැටෙන පරිසරයේද උපකරණ වලද ක්ෂුද්‍ර ජීවීන් සිටී නිතරම මේවා කෙලින්ම හෝ අනියම් ආකාරයෙන් වර්ධනය වීම වැලක්වීමට කටයුතු කල යුතුය ඒ සඳහා

  • ඇඳන් සෑදීමට පෙර හා පසුව සබන් යොදා අත් සේදීම කල යුතුය
  • අපිරිසිඳුවන සෑම අවස්ථාවකම අඳ ඇතිරිලි මාරුකිරීම
  • ඇඳ අතිරිලි ඉවත්කරනවිට තමාගෙන් ඉවතටත් බිම වැටීම වැලක්වීමටත් කටයුතු කරන්න
  • දූවිලි පිසදමනවිට ක්ෂුද්‍රජීවීන් නොපැතිරෙන ලෙස සෙමෙන් කරන්න
  • තෙතෙ ක්‍රමයට දුවිලි පිසදමන්නේනම් වඩාත් සුදුසුය
  • අවශ්‍ය උපකරණ එකවර රැස්කරගත යුතුය
  • පාවිච්චියට ගන්නා පිළිවෙලින් තැබිය යුතුය
  • ඇඳ අතිරිළි තදටත් මෘදුවටත් තිබිය යුතුය
  • දිය රඳනය එලීම ඇදේ හිස පෙදෙසේ සිට අඟල් 18 පහලින් විය යුතුය
  • පටු ඇතිරිල්ල දිය රඳනයේ සිට අඟල් 2ක් පහලින් විය යුතුය
  • මතුපිට ඇතිරිල්ල එලීමේදී රොගියාගේ පාදසෙලවීමට හැකිවනසේ එලිය යුතුය(මේසඳහා රෝගියාට දනහිස් නමීමට කීම මගින් පහසුවෙන් කල හැකිය)


Sunday, July 17, 2011

වාට්ටුවකට රෝගියෙකු ඇතුලත්කිරීම/මාරුකිරීම/මුදා හැරීම/මියගිය විට

වාට්ටුවකට රෝගියෙකු ඇතුලත්කිරීම

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝගින් වාට්ටුවකට ඇතුලට් වේ.රෝගියා පුද්නලයෙකු වශයෙන් සලකා යහපට් අන්දමින් පිලිගත යුතුය.


රෝහලට රෝගියෙකු ඇතුලත්වෙන ක්‍රම

  • තමාගේ කැමැත්තෙන්
  • භාරකරුවෙකු සමග
  • අධිකරනය හෝ පොලීසිය මගින්
  • ප්‍රථමාධාර කරුවෙකු හෝ අතරමග හමූන තැනැත්තකු මගින්
  • සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන් මගින්
  • රෝහලකින් රෝහලකට යනඉට සෛඛ්‍ය සෙවකයන් මගින්


රෝගීන් භාරගැනීම

  • ඔබගේ ඒකකයට පැමිනෙන රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් ආදරයෙන් හා සතුටින් පිලිගන්න
  • ඥාතීන්ට සුහදව කතාකරන්න
  • රෝගියාට හිදගැනීමට අසුනක් දෙන්න
  • වාට්ටු භාර හෙද සොහොයුරියට හෝ හෙද නිලධාරිනියට භාරදෙන්න
  • රෝගියාගේ රෝගතත්වය අනුව සුදුසු ඒකකයක් පිලියෙල කිරීම
  • රෝගියාට අවශ්‍ය තොරතුරු ලබාදීම (රෝගියාට වාට්ටුවේ එදිනෙදා දිනචර්යාවන් හා නානකාමර වැසිකිලි ආදිය තියෙන ස්ථාන ගැන තොරතුරු ලබාදීම)

රෝගීන් මාරුකිරීම

  • ඔබගේ ආයතනයේම වෙනත් ඒකකයකට මාරුකිරීම
  • ඔබගේ ආයතනයෙන් වෙනත්හ් ආයතනයකට මාරුකිරී

රෝගියාගේ ඇදඉහපත,උණ හටහන්,X කිරන වාර්තා,E.C.G,ආදිය අනෙකුත් අදාල ලියකියවිලි රෝගියාගෙ බඩු බාහිර ආදිය සියල්ලද ගෙනගොස් භාරදිය යුතුය
පිටත ආයතනයකට මාරුකිරීමේදී රෝගියා සමග ගෙනගිය රජයේ උපකරණ ආදිය ප්‍රවේශම් සහිටව ආපසු ගෙනවිට් වාට්ටුභාර හෙද නිලධාරිනියට භාරදිය යුටුය


රෝගීන් මුදා හැරීම

  • රෝගියා සුවය ලැබූ විට ඔහු/ඇය රෝහලෙන් මුදාහැරිය හැකිබව වෛද්‍යවරයා විසින් රෝගියාගෙ ඇදඉහපතෙහි සටහන් කරනු ඇත.
  • ඒ අනුව රෝගියා මුදාහැරීමට කටයුතු කල හැක.
  • රෝගියාට නියමිත ඖෂධ තුන්ඩු,රෝග විනිශ්චය පත,ආදිය සූදානම් කර ඇත්දැයි බලන්න.
  • බාහිර අංශයෙන් හෝ පිටතින් ඖෂධ ලබාගැනීමට ඇතිනම් ඒ නිවැරදි තොරතුරුදෙන්න.
  • රෝගියාගේ බඩු බාහිර ආදිය ගෙනයාමට සකසාදෙන්න.
  • ඔහුගේ/ඇයගේ වටිනා බඩුබාහිර ආදිය කාර්යාලයට බාරදී ඇත්නම් ඒවා ආපසු ගෙනවිත් වාට්ටුභාර හෙද නිලදාරිනියගේ අනුමතිය ඇතිව ආපසු රෝගියාට බාරදී ටිකට් පටෙහි බාරගත් බවට අත්සන ලාබාගත යුතුය.
  • රෝගියා විසින් පිලිපැදිය යුටු කරුනු ගැන නවතත් සිහිපත්කරවීමක් අවශ්‍ය බව අමත්ක නොකරන්න.
  • සායනයට නැවත පැමිනීමට අවශ්‍ය වුවහොත් ඒගැනද තොරතුරු ලබාදෙන්න
රෝගියෙකු මියගිය විට

  • දේහය ආවරනයකොට අන් රෝගීන් එතැනින් ඉවත්කර තැබිය යුතුය
  • දේහය සූදානම් කිරීම
  • ගෞරවයෙන් ඒ කටයුත්ත කිරීමට වගබලාගත යුතුය

Friday, July 15, 2011

සෛඛ්‍ය කණ්ඩායම හා එහි කාර්යභාරය

වෛද්‍යය්වරුන්ට අයත් අය
  • කායික හා ශාරීරික විශේෂඥ වෛද්‍යවරු
  • ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු
  • ළමා විශේෂඥ වෛද්‍යවරු
  • මාතෘ හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු
  • අක්ෂි විශේෂඥ වෛද්‍යවරු
  • මුඛ විශේෂඥ වෛද්‍යවරු
  • උගුර,කන,නාස විශේෂඥ වෛද්‍යවරු
  • සමේ රෝග විශේෂඥ වෛද්‍යවරු
  • මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු
  • අස්ථි විශේෂඥ වෛද්‍යවරු
  • X කිරණ විශේෂඥ වෛද්‍යවරු
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු
  • ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු

හෙද ශ්‍රේනියට අයත් අය
  • විශේෂ ශ්‍රේනියේ හෙද නිළධාරීන්
  • හෙද සොහොයුරියන්
  • හෙද නිළදාරීන්
  • පවුල් සෛඛ්‍ය නිළධාරීන්,මහජන සෛඛ්‍ය නිළධාරීන්

කනිෂ්ඨ සේවක කණ්ඩායම්
  • ඔවසීර්
  • උපස්ථායක උපස්ථායිකා
  • කම්කරුවන්

අතුරු කණ්ඩායම්
  • විකලාංග ශිල්පීන්
  • රසායනාගාර ශිල්පීන්
  • ඖෂධ වේදීන්
  • විද්‍යුත් තන්තුකරේඛන ශිල්පීන්
  • ලිපිකරුවන්
  • හෞකෘත වේදීන්
ආදීන් රෝහලේ හෝ තම සේවය කරන ඒකකයේ සේවය කරන සියලුදෙනාම සෛඛ්‍ය ක්න්ඩායමට අයත්වේ.
මෙම සියලුදෙනාගෙන් ලැබෙන සේවය ලැබෙනුයේ රෝගියාටය.සෛඛ්‍ය කණ්ඩායමේ අතැම් සේවක කණ්ඩායම් රෝගියාට කෙලින්ම බලපාන අයුරින්ද, ඇතැම් සෛඛ්‍ය කණ්ඩායම් කෙලින්ම බලනොපායි.වෛද්‍යවරයාගෙ,හෙදියගේ,උපස්ථායකගේ සේවය රෝගියා අසලටම පැමින සිදුවේ.එහෙත් ලිපිකරුවන් මුලුතැන්ගේ සේවක කොටස් ආදියේ සේවය එසේ නොවේ.එහෙත් සියල්ලන්ගෙන්ම සිදුවනුයේ රෝගියාට සේවයකි.

Saturday, July 9, 2011

රෝගියා හැදින්වීම/රෝගීවීමට අදාල මිනිස් හැසිරීම්

රෝගියා හැදින්වීම

ශාරීරිකව,මානසිකව හා අධ්‍යාත්මික වශයෙන් අයහපත් තත්වයක සිටින පුද්ගලයා රෝගියා නම්වේ.


රෝහලේ සිටින වැදගත්ම පුද්ගලයා රෝගියාය.රෝගියා අපේ කටයුතු වලට බාධාවක් නොවේ.ඔහු හෝ ඇය අපගේ කටයුතුවල අරමුණයි.

අපගේ එදිනෙදා කාර්යවලියට රෝගියා පිටස්තරයෙක් නොවේ අපගේ කාර්යාවලිය ඔහුය.රෝගියා පුද්ගලයෙකු මිස ලෙඛන සටහනක් නොවේ.රෝගියා හැගීම්බර,සිත් තැව්ල්,සැකයෙන් යුත්,කාර්යබහුල පුද්ගලයෙකි.ඔහු තුප්තිමට් කිරීම අපගේ පරමාර්තයයි.


රෝගීවීමට අදාල මිනිස් හැසිරීම්


ළදරුවා

නොරිස්සුම් ගතියක් පෙන්නුම් කරයි,හඬයි,පහසුවෙන් නැලවිය නොහැක,වහා කිපෙන සුලුයි,නිදිබරයි,දුරුවලවේ,කිරි උරා නොබොයි,පරික්ෂා කිරීම නුරුස්සයි,එහෙත් සන්ඩුකිරීමට තරම් ඔහුට ශක්තියක් නොමැත.


වැඩිහිටියන්

අසහනය,නොරිස්සුම්තාවය පෙන්නුම් කරයි,වේදනාවෙන් පෙලේ,සිත් කලබල කාරී,අන් පිහිට කරුණාව දයාව පතයි,සිහිවිකල තාවය සිහි නැතිවීම,ඉතාමත් දුරුවලය,ස්වසන අපහසුවෙන් පෙලෙයි නොසන්සුන් තාවය යන මේ කරුණු එකක් හෝ කිහිපයක් තිබිය හැක.


ගර්භනී මව්වරු
අන් රෝගීන්ට වඩා විශේෂත්වයක් ඇත.ලැබීමට ඇති රුවා ගැන අති බලාපොරොත්තුව නිසා ඇතිවන මනසික අසහනය ඇත.ඇය රෝගියෙකු නොවුවද කායික පීඩාව බලවත් හෙයින් ඇතිවන අපහසුතාවයක් ත.සිත තුල ත බියක් පවතී ඒ නිසා ජීවිත දෙකක් බේරා ගැනීමේ සටනක යෙදීමට සිදුවේ

Monday, July 4, 2011

පුද්ගලික ස්වස්තිතාවය හා පුද්ගලික ස්වස්තිතාවය රැක ගැනීමේදී පිලිපැදිය යුතු සිරිත් විරිත්

පුද්ගලික ස්වස්තිතාවය

එනම් අපගෙ ශාරීරික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් සනීපවත්ව ජීවත් වීමයි. ඒ සදහා පහත කරුනු ගැන අවබෝදය තිබිය යුතුය.


  1. සුද්ධ පවිත්‍රතාවය (දත්,නිය,ඉකිලි,කිහිලි,අත්,ඇදුම් උඩ සහ යට )
  2. ශාරීරික උශ්නත්වය (පිරිසිදු අදුම් භාවිතය,කපු ඇදුම් භාවිතය )
  3. තමා ජීවත්වන ස්තානය පිරිසිදුව තබාගැනීම
  4. ගෙදර දොර කුණුකසල බැහැරකිරීම
  5. ආහාර පාන වර්ග පිරිසිදුව පාවිච්චිකිරීම


පුද්ගලික ස්වස්තිතාවය රැක ගැනීමේදී පිලිපැදිය යුතු සිරිත් විරිත්


  1. තම ශරීරය පිරිසිදුව තබාගැනීමට ස්නානය
  2. හිස පීරීම
  3. නිය කොටටකැපීම
  4. සෑම ප්‍රදාන ආහාර වේලකටම පසුව දත් මැඩීම
  5. ආහාර පිසීමට,ආහාර ගැනීමට පෙර,වැසිකිලි යාමෙන් පසු,රෝගියා ලගට යාමට පෙර හා පසු,අත් වැසුම් භාවිතයට පෙර හා අත් අපිරිසිදුවන සෑම අවස්තාවකම සබන් යොදා අත් සේදීම
  6. මත් පැන් වකින් වැලකී සිටීම
  7. අපිරිසිදු ස්තාන වලින් ආහාර ගැනීමෙන් වැලිකීම
  8. මානසික සෛඛ්‍යය සදහා ආගමික වතාවට් වල යෙදීම වැදගත්ය

Sunday, July 3, 2011

ආසාදනය/රෝග කාරක ජීව්න්/ආසාදනය/ව්ශව ආරක්ශන ක්‍රමය

ආසාදනය

යම්කිසි රෝගකාරක ජීව්යෙක් නිස ශරීරයේ සෛල තුල හෝ පටක තුල බාහිරව හෝ අභ්‍යන්තරව ඇතිවන සෛලමය හා රෝගකාරක ජීව්න්ගේ රසායනික ක්‍රියවලියක ප්‍රථිඵලයකි.



රෝග කාරක ජීව්න්

  • බැක්ටීරියා

ක්ශය රෝගය,උණ සන්නිපතය

  • වෛරස්

වෛරස් උණ,කම්මුල් ගාය , පැපොල,සරම්ප,ඩෙංගු,සෙංගමාලය

  • දිලීර

දද,කුශ්ඨ,හොරි

  • පරපෝෂිතයින්

මැස්සා මීයා වැනි සතුන්ගෙන් බෝවෙන රෝග


ආසාදන පාලනය යනු

ආරක්ශිත පිලිවෙත් හා පිලිවෙත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රෝහල් අසාදනය අවමකර ගැනීමයි.


රෝහලෙන් අතුකරගත් ආසාදනය

රෝහල් ගතවී රෝගියෙකු දින ඩෙකකට පසුව අටිවෙන ආසාදනයයි. රෝගියාට ගෙදරදී හෝ වාට්ටුවේදී අතිව්ය හැක.


රෝහලෙන් අතුකරගත් ආසාදනය පැතිරෙන මාර්ග


  • සෛඛ්‍යය සේවකයින්ගී අත්වලින්
  • වාතය,දූව්ලි,බිදිටි මගින්
  • උපකරණ මගින්
  • අපිරිසිදු ආහාරපාන හා ජලය මගින්
  • රුධිර පාරව්ලනය මගින්


රෝහල තුල වැඩියෙන් ආසාදන පැටිරෙන ස්ථාන


  • දැඩිසත්කාර ඒකකය
  • නොමේරූ ළදරු ඒකකය
  • අවයව බද්ද කරන ඒකකය
  • පිලිසුම් ඒකකය


රෝහලෙන් තතුකරගන්නා ආසාදනය නිසා

රෝගියා රෝහල තුල ගතකරන කාලය වැඩිවේ

ප්‍රතිජීවක වලට අධික මිලක් වැයවේ

රෝගිය මියයෑම

උදා;-මෙනින්ජයිටිස්

හෙපටයිටිස්

මුත්‍ර ආසාදන,ශල්‍ය තුවාල ආසාදන,ස්වසන ආසාදන

දියරමය පාචනය


කලාතුරකින් ඇතිවන ආසාදන

එච් අයි වී ඒඩ්ස්,හෙපටයිටිස් බී

මේසදහා ව්ශව ආරක්ශන ක්‍රමය පිලිපැදිය යුතුය


ව්ශව ආරක්ශන ක්‍රමය යනු

සියලුම සෛඛ්‍යය සේවකයින් සෑම පිලිවතක් කිරීමේදිම සියලුම රෝගීන් සදහා ක්‍රියා පිලිවෙත් මාලාවක් අනුගමනය කිරීම

  • අත් සේදීම
  • ආරක්ශිත ඇදුම්
  • උපකරන වන්ද්‍යකරනය කිරීම
  • අපද්‍රව්‍යය නිසිලෙස බහැරකිරීම
  • පරිසරය පිරිසිදුව තබාගැනීම
  • බෝවෙන රෝගීන් වෙන්කර සාත්තුකිරීම

Monday, June 27, 2011

රෝගී වර්ගීකරණය/රෝහලක සිදුකෙරෙන කාර්යයන්/රෝහල් වර්ග

සෛඛ්‍ය යනු රෝග වලින් තොරවීම පමනක් නොව පුද්ගලයෙකුගේ ශාරීරික,මානසික,සමාජීය හා අධ්යාත්මික සහජීවන සහ පැවැත්මයි.


රෝහල-Hospital

රෝහල යනු රෝගීන්ට ප්‍රථිකාර හා ආරක්ෂාව සපයන ප්‍රජා සෛඛ්‍ය ආයතනයකි.


රෝහලක සිදුකෙරෙන කාර්යයන්

  • රෝග පරික්ෂණ
  • රෝග ප්‍රතිකාර
  • රෝග නිවාරණය
  • පුහුණු මධ්යස්තාන

ආයතනයක් යනු
පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටුකරන ස්ථානයකි ආයතනයේ සේවය කරන්නන් පොඩු අරමුනක් සදහා ක්‍රියා කරයි

රෝහල් වර්ග
ශික්ෂණ රෝහල්, මහා රෝහල්, ප්‍රාදේශිය රෝහල්,දිසා රෝහල්,පර්යන්ත ඒකක (Perparal Unit ), මධ්‍යම බෙහෙට් ශාලා (Central Dispensary), මධ්‍යම රෝහල්, මාතෘ නිවාස



ජාතික රෝහල

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ. අද්‍යක්ශක වරුන් කිහිපදෙනෙක් යටටේ පවතී.


ශික්ෂන්ණ රෝහල-

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වන, ඇදන් 500 කට වැඩි පහසුකම් වලින් සමන්විතය.
උදා:- ජාතික රෝහලට පුහුනු කටයුතු සදහා හෙද හා වෛද්‍ය ( ජයවර්දන පුර, රාගම, කලුබොවිල,
කරාපිටිය,නුවර,පේරාදෙනිය )


මහ රෝහල-Genaral Hospital

මහ රෝහලක ප්‍රදානියා අධ්‍යක්ශක වේ.මෙම රෝහලක විශෙෂ ශ්‍රේනියේ හෙද නිලදාරින් දෙදෙනෙකුට වඩා සිටිය හැක.සියලුම අන්ශයන්ගෙන් සමන්විතය.
උදා:- ඇස් වාට්ටු, ශල්‍ය වාට්ටු, කායික වාට්ටු
ඇදන් 350-500 ට වඩා තිබිය හැක.
උදා:- මහ මෝදර, මාතර, බදුල්ල, රත්නපුර, නුවරෑලිය, මඩකලපුව, යාපනය, කළුතර


රෝහල් චතුරශ්‍රය

ජාතික රෝහල, ද සොයිසා කාන්තාරෝහල, රිච්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, ආර්ය නයනා රෝහල, දන්ත රෝහල

ප්‍රාදේශිය රෝහල්

ප්‍රදාන නගර ආශ්‍රිතව පිහිටයි.මෙහි සියලු අන්ශවල වාට්ටු ඇත.දැඩිසත්කාර පහසුකම් නැත.සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ.
උදා:- බේරුවල


මූලික රෝහල්-Base Hospital

ඇඳන් 100-350 අතර වේ. විශාල නගර ඇශ්‍රිතව පිහිටයි.ශල්‍ය වාට්ටු, ළමා වාට්ටු, නාරිවේද, කන උගුර නාසය (E.N.T) රසායනාගාර පහසුකම් ඇත.


දිසා රෝහල්-District Hospital

ඇඳන් 25-100 අතර වේ.මෙහි විශේෂත්වය වන්නේ විශේෂග් වෛද්‍ය වරුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටීමයි. ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. රසායනාගාර පහසුකම් ඇත.මෙහි ඇත්තේ සහකාර වෛද්‍යවරුන් හා හෙදියන් 25ක් පමන වේ.


පර්යන්ත රෝහල්-Perparal Hospital

ඇඳන් 25ට අදුය.එක් වෛද්‍යවරයෙක් පමක් සිටී.සහකාර වෛද්‍යවරුන් සිටී.වෙශේෂ වාට්ටු නොමැත.නමුත් ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. මාතෘ වාට්ටු ඇත


ග්‍රාමීය රෝහල්

ස්ත්‍රී පුරුෂ වාට්ටු ඇත.ඇඳන් 10-15 ත් අතර වේ.වෛද්‍යවරුන් විසින් පාලනය කරයි.


මධ්‍යම බෙහෙත් ශාලා

ඇඳන් 5ක් පමන වේ.බාහිර රෝගී අංශයක් ඇත.සායන පැවැත්වේ රෝගීන් ඇටුලට් කරනු නොලැබේ.
A.M.O සහ R.M.O වරුන් යටතේ පාලනය වේ.

මාතෘ නිවාස

ප්‍රාද්ශිය වෛද්‍යවරයෙක් ඇත. ළමා හා මාතෘ සායන පැවැත්වේ.පවුල් සෛඛ්‍යය සෙවිකාවන් ඇත.
උදා:- වාද්දුව


විශේෂ රෝහල්

  • ක්ෂය රොගය සදහා වැලිසර
  • ලාදුරු රොගය සදහා හදල
  • පිලිකා රෝහල මහරගම
  • මානසික රෝහල අංගොඩ


පුනුරුත්තාපන රෝහල්

රාගම, තලගොල්ල, පොලිස් රෝහල (කොළඹ), යුධ හමුදා රෝහල (කොළඹ), නාවික හමුදා රෝහල (කොළඹ), ගුවන් හමුදා රෝහල (කටුනායක), සිරකරුවන් (වැලිසර)



Saturday, June 25, 2011

තමා රෝගියෙකුනම් රෝහල් කාර්යමණ්ඩලයෙන් බලාපොරොත්තුවනදේ


  • සුහද ශීලී පිලිගැනීම
  • සවන්දීම
  • හදුන්වා දීම( රෝහල,වාට්ටුව )
  • රෝගියාව තෙරුම් ගැනීම
  • ප්‍රතිකාර බලාපොරොත්තුවීම
  • නිශ්ෂබ්ද පරිසරය
  • ආහාර පාන බලාපොරොත්තු වීම
  • වෛද්‍ය පරීක්ෂන බලාපොරොත්තුවීම
  • උදා:- E.C.G , SCAN , X RAY
  • රෝගය හදුන්න ගැනීම
  • අසරණ වේද කියා සිතීම
  • ආරක්ෂාව බලා පොරොත්තුවීම
  • පිරිසිදුකම
  • ඇඳක් ලබා ගැනීමේ බලාපොරොත්තුව
  • පිරිසිදු ෂීට් එකක් ලබාගැනීමෙ බලාපොරොත්තුව
  • රෝග විනිශ්චය කාඩ් පත ලබාගනීම
  • උදවු බලාපොරොත්ටු වීම
  • කාර්යමන්ඩලයේ ඉවසිලිවන්ත බව
  • සායනයට පැමිනෙන දිනය

උපස්ථායකයෙකු තුල තිබිය යුතු ගුනාංග

  • නිරෝගී කම
  • කරුණාව අනුකම්පාව දයාව
  • ඉවසීම
  • නිරික්ශණ ශක්තිය
  • පක්ශපාතීබව
  • කීකරු කම අවංක කම
  • තැනට සුදුසු නුවණ
  • වගකීමක් බාරගැනීමේ හැකියාව
  • තමන් කරන කාර්ය සම්පුර්නව හා නිවැරදිව කරන්න
  • ධාර්මික බව
  • සිරිත් විරිත් වලට ගරු කිරීම
  • ආචාර ශිලී බව
  • තැම්පත් බව
  • අනුන්ගේ සිත් දිනා ගැනීමෙ හැකියාව
  • පිරිසිදු බව
  • ආත්ම විශ්වාසය
  • සත්‍යවාදී බව
  • මනා පෞරුශයක් තිබීම
  • වරදක් සිදුවු විට එය පිලිගැනීමෙ හැකියාව
  • සංවිදානය කිරීමේ හැකියාව
  • නව දැනුම කරා යාමෙ හැකියාව
  • උනන්දුව හා උද්යෝගය

උපස්ථායක/උපස්ථායිකා කාර්ය බාරය

1. රෝගී සත්කාරක සේවා කණඩායමේ නමා වැදගත් පුද්ගලයෙකු බව දැන සිටීම.


2. නියමිත වේලාවට නිල අදුමෙන් සැරසී සිටීම.

3. සේවයට පැමිනීමෙන් පසු පැමිනි බව වාර්ථා ලේඛනයේ ලකුණු කිරීම


4. තමා අයත් සේවය පිලිබඳ අවබෝධයක් ලාබා ගැනීම.


5. රාජකාරි අවස්තාවලදී යන එන ස්තාන හා බැහැරව යාමේදී දැනුම් දීම.


6. වීනීත බව හා අචාරශීලී පවැත්ම.


7. රෝගියාගේ සුවයට සහයවීම හා ආරක්ශාවට සහායවීම හා සුවපහසුවට අවශ්‍යදේ ලබාදීම.


8. රාජකාරියට බාධාවක් නොවනසේ නිවාඩු ගැනීම.


9. සියලු අංශ සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීම.


10. සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම.


11. රජයේ බඩු බාහිර ආදිය පිලිබඳ ඇති වගකීම


12. වැරදි ක්‍රියාවලට අනුබල නොදීම.


13. තමාගේ කිට්ටුම අධීක්ශන නිලධාරියා යටතේ කටයුතු කිරීම හා සහය වීම


14. සුවය නොලබන රෝගීන් මරනාසන්න රෝගීන්

සඳහා ඥාතීන් වෙත අවශ්ය පිලිවෙත් සඳහා සහය වීම.

Wednesday, June 22, 2011

උපස්ථායක මහත්ම මහත්මීන් විසින් පිළීපැදිය යුතු නීති හා ආචාර ධර්ම

අචාර ධර්ම පිළිපැදීම මගින් තමාගේත් ආයතනයේත් ගෟරුත්වය රුකෙන අතර රෝගියාට වඩාත් ඵළදායි හා උසස් සේවාවක් ලැබේ.

01. රාජකාරියට නියමිත වෙලාවට පැමිනීම හා පිටවීම.

02. හැසිරීම උසස් මට්ටමක පවත්වාගත යුතුය.

03. රෝගියා රෝහලේ වැදගත්ම පුද්ගලයා බව සැලකිය යුතුය.

04. රෝගියාට ගරු කිරිම හා සත්කාර කිරිමට තමා බැදී සිටින බව දැනසිටිය යුතුය.

05. තමාට පැවරෙන රාඡකාරිය කාරය්‍යක්ෂමව හා ඵළදායිව (තමාට පුලුවන් ඉක්මනට හා කර්ය්‍යශමව) කිරීමෙන් වැඩක් මිස අවැඩක් නොවිය යුතුය.

06. ජේෂ්ඨ නිළධාරින් තමා නීතිගරුක,කරය්‍යශම හා දක්ෂ සෙවකයෙකු ලෙස විශ්වාස කරන හෙයින් එම මතයට ගරු කිරීම.

07. රෝහල තුලදී වාට්ටුව තුලදී ආපන ශාලාවේදී එහා මෙහා යාමේදී අනෙකුත් නිළධාරින් සමග මහජනයා සමග ආයතනයේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කල යුතුය.

08. සේවකයින් හා මහජනයා අතර සුහද සම්බන්ධතාවයක් ඇතිකරගත යුතුය.

09. රජයේ බඩු ඛාහිර ආදිය තමාගේ පුද්ගලික දේ ආරක්ෂා කරගත යුතුය.

10. රෝහල් භුමිය තුලදී රාජකාරී හෝ රජකාරී නොවන විටදී මත් ද්‍රව්‍ය පාවිච්චිය හා බුලත් විට සැපීම නොකල යුතුය.

11. රාජකාරියෙන් ලැබෙන වැටුප් හා ඊට අදාල දීමනා පමනක් ලැබිය යුතුය.

12. රෝහල් භුමිය තුලදී අයතා මුදල් ගනුදෙනු නොකල යුතුය.

13. රාජකාරියට නියමිත වෙලාවට පැමිනීම හා පිටවීම කල යුතු අතර රාජකාරී කටයුත්තකදී හැර අවෙලාවේ ආයතනයෙන් බැහැරවිම සම්පුර්ණයෙන් තහනම්ය.

14. අවසර ඇතිව නිවාඩු ගතයුතු අතර සේවයට පැමිනීමට නොහැකිනම් ඒ බව උසස් නලධාරින්ට දැන්විය යුතුය.

15. තමාගේ පෟද්ගලික සෞඛය මනාලෙස රැකගත යුතුය.

16.නව විලාසිතා වලින් තොර වියයුතු අතර රැව්ල කොන්ඩය කපා සෙවයට වාර්තාකල යුතුය.කාන්තාවන් බෙල්ලෙන් උඩට කොන්ඩය බැඳ තිබිය යුතුය.

17. නිල ඇඳුම පිරිසිදුව තැබිය යුතු අතර එය සම්මතයක් විය යුතුය.

18. මුඛය අත්පා වල නිය හා හිසකේ පිරිසිදුව තැබිය යුතු අතර රෝගින් ඇමතීමේදී ප්‍රිය වචන කතාකල යුතුය.

19. උසස් පුද්ගයින් අමතන විට "Excuse me" යනුවෙන් ගරු සරු ඇතිව ඇමතිය යුතු අතර කතා කිරීමෙදි අතපය විසි කිරීමෙන් වලකින්න.

20. කාන්තාවන් කුඩා කරාබු යුවලක් සහ මංගල මුදුව පමනක් පැලදීම හා කුඩා චේන් එකක් පළඳිනන්නේ නම් ඇඳුමේ කරෙන් නෝපෙනෙනසේ පැළඳිය යුතුය.

21. කලු සපත්තු පොලිෂ් කර මේස් දැමිය යුතුය.

22. කාන්තා නිල ඇඳුම සාක්කු දෙකක් සහිතව මදක් බුරුලට දනහිසින් පහලට තිබිය යුතුය.

23. පිරිමින් අත් කොට කමිසය නැෂනල් කොලරය සහිතව හා දිග කලිසම විය යුතුය.
24. ඔරලෝසුව සාක්කුවේ තිබිය යුතු අතර බ්‍රෙස්ලට් දැමීම තහනම්ය.

25. ජංගම දුරකතන භාවිතය සීමා කලයුතුය වාට්ටුවේ මැද කොරිඩෝව දිගෙ විශේෂ ඒකක වල භවිතා නොකරන්න.

26. නිල ඇඳුමින් ශබ්දනගා සිනාසීම කෑගැසීම හඬනඟා ඇඳ නොම්මරයෙන් රෝගියා ඇමතීම නොකල යුතුය.

Wednesday, June 15, 2011

පාඨමාලාව හැදින්වීම


පාඨමාලාව හැදින්වීම-The Mission
උසස් තත්වයෙ සමානාත්මක ඵලදායිතා සදහා ස්ථිර සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සදහා තමන් ක්‍රියාකරමින්ජනතා අවශ්‍යතාවයන්ට නිසි ප්‍රතිකාර දැක්වීම මගින් ලඟාකර ගතහැකි උසස්ම සෞඛ්‍ය තත්වය ලබාගැනීම.


ඉලක්ක-The Vission

ආර්ථික සමාඡීය මානසික සහ අධ්යාත්මික සංවර්ධනය සඳහා දායක වන සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා උරදීම.


පාඨමාලාවේ අරමුණු

1. උපස්ථායක/උපස්ථායිකාවකගේ ක්‍රියාව(භූමිකාව) අගය කලහැකි තත්වයට පත්කිරීම


2. රෝගියා මාධ්‍ය කරගෙන සාත්තු කිරීමෙදි මූලධර්ම අනුගමනය කිරීම.


3. රෝගියා ජීවත් වීමේදි හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේදී අවශ්‍යවන ආකාරයට ඔවුන් උනන්දු කිරීම හා සහය වීම.


4. රෝගියාට හා නෑදෑයින්ට සුදුසු අවස්තථා වලදි සෞඛ්‍ය උපදෙස් ලබාදීමට හැකිවීම.

5. ආරක්ෂාව නිවැරදිබව හා ශ්‍රේෂ්ඨ බව මෙන්ම රෝගියාගේ සුවපහසුව තුලින්සෞඛ්‍ය සේවකයකුගේ තත්වය ස්ථිර කිරීම.


හැදින්වීම