Monday, August 15, 2011

බෝ නොවන රෝග


බෝ නොවන රෝග

රෝගී පුද්ගලයෙකුගෙන් නිරොගී පුද්ගලයෙකුට බෝ නොවන රෝගතත්ව මෙලෙස හැදින්වේ.


  • මෙම රෝග තත්ව දීර්ගකාලීන ප්‍රතිකාර ලබාගතයුතුවේ
  • දීර්ගකාලීනව අතුරුආබාද ඇතිකරයි


බෝනොවන රෝගතත්ව

  • අධික රුධිර පීඩනය-Hypertention
  • හෘද රෝග-Ischemic Heart Disease
  • දියවැඩියාව-Diabitic Mellus
  • පිලිකා-Cancer
  • හදිසි අනතුරු-Accident
  • ස්තුලතාවය(ප්‍රමානයට වඩා බර වැඩිවීම)
  • ඇසේ පෙනීමේ දුරුවලතා
  • රූමැටික්,ආතරයිටිස් වැනි රෝගතත්ව
  • ඇදුම රෝගය


ඇතිවීමට හේතු

  • ජානමය හේතු
  • ජීවන රටාවල වෙනස්කම්
  • හේතුකාරකයක් නොමැතිව-Non Pathgenic

Sunday, August 7, 2011

බෝවන රෝග හා සරස් ආසාදනය

බෝවන රෝග හා සරස් ආසාදනය
යම්කිසි පුද්ගලයෙකුගෙන් තවත්කෙනෙකුට ඇතිවියහැකි
රෝගවේ.
බෝවන රෝගයකට ගොදුරුවු පුද්ගලයකුගේ ශරීරයෙන් පිටවන විෂබීජ නිරෝගී පුද්ගලයෙකුට ශරීරගතවී එම රෝගය වැළදීමයි. වර්තමානයේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග වැළදීම වැඩිවී ඇත.

බෝවන රෝග පැතිරේන ක්‍රම
  • වාතය මගින්
  • වතුර මගින්
  • ආහාර මගින්
  • සතුන් මගින්(මීයා,මදුරුවා,මැස්ස,)
  • මිනිසාගේ තරල මගින්(රුධිරය,සෙම,සොටු,කඳුළු,ශුක්‍ර තරල,යෝනි තරල)
  • ස්පර්ශයෙන්
  • පරිහරණය කරන රෙදිපිලි උපකරණ මගින්


ජලය මගින් බෝවන රෝග
කොලරාව,සෙංගමාලය,පෝලියෝ,අතීසාරය,පාචනය,උණසන්නිපාතය

වාතය මගින් බෝවන රෝග
ක්ෂය රෝගය,සෙම්ප්‍රතිශ්යාව,H1N1,ලාදුරු,සරම්ප.පැපොල

ආහාර මගින් බෝවන රෝග
කොලරාව,සෙංගමාලය,පෝලියෝ,අතීසාරය,පාචනය,උණසන්නිපාතය

සතුන් මගින් බෝවන රෝග
ඩෙංගු රෝගය,මැලේරියා රෝගය,බරවා රෝගය,මී උණ,ජැපනීස් එන්කෙපලයිටීස්,ජලභීතිකාව



සරස් අසාදනය

මෙයින් අදහස් කෙරෙනුයේ රෝහල තුලදී එක් රෝගියෙකුගේ රෝගයක් තවත් අයෙකුට බෝවීමයි.මෙහිදී රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුටත්, රෝගියෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයෙකුටත්,සෞඛ්‍ය කාර්යමන්ඩලයෙන් වෙනත් රෝගියෙකුට හෝ නිවසේ අයට බෝවිය හැක.



මේවා වලක්වාගත හැකි ක්‍රම

  • අත් සේදීම වැනි විශ්ව ආරක්ශන ක්‍රම භාවිතා කිරීම
  • රෝගියා අන් අයගෙන් වෙන් කිරීම
  • සාත්තුසේවකයින් වෙන්කිරීම
  • රෝගියා බැහැරකරන ශ්‍රාවයන් විශබීජ නාශක යොදා බැහැරකිරීම
  • රෝගියා වෙනුවෙන් වෙනම උපකරන තබාගැනීම



බොවෙන රෝග වලක්වාගැනීම සඳහා උපස්ථායකයෙකු සතු වගකීම

  • වහාම අදාල පුද්ගලයන්ට දැනුම් දීම
  • වාට්ටුවේ රෝගීන් හදුනාගැනීමට උදවු වීම
  • රෝගීන් පරික්ෂාවේදී වෛද්‍යවරයාට හෙද නිළධාරිනියට සහයවීමට අවශ්‍ය උපකරණ සපයාදීම හා එවා පිරිසිදුකිරීම
  • රෝගියා වෙන්කර සාත්තු කිරීම
  • රෝගියාට සාත්තුකිරීමෙන් පසු උපකරණ පිරිසිදු කිරීම නිසියාකාරව කලයුතුය
  • අත්සේදීම මගින් වෙනත් කෙනෙකුට රෝගය බෝවීම වැලක්වීම
  • මළ මුත්‍රා අස්කිරීමේදී භාජන පිරිසිදුකිරීම නිසිපරිදි කලයුතුය
  • නිදර්ශක එහා මෙහා ගෙනයාමේදී ප්‍රවේශමෙන් හා ඉක්මනින් ගෙනයාමට කටයුතුකල යුතුය ඒ සඳහා අවශ්‍ය ග්ලවුස්,මාස්ක් ගැනීම අත්සේදීම කලයුතුය
  • බෝවන රෝග ගැන අවබෝධය ලබාගැන තිබීම මගින් තමාවත් අන් අයවත් කාර්යමන්ඩලයටත් රෝගීන්ටත් ආසාදන පැතිරීම වලක්වා ගතහැක
  • ශල්‍යකර්ම සඳහා රෝගීන් සූදානම් කිරීමෙදී රෝගීන් හොදින් නාවා පිරිසිදුකර ශල්‍යකර්මය කරන ස්ථානයේ රෝම ඉවත්කර හොදින් පවිත්‍රකර පිරිසිදු ඇදුම් අන්දවා ශල්‍යකර්මයට රොගියා සූදානම් කිරීම

මූලික මිනිස් අවශ්‍යතා හා රෝගියාගේ අයිතිවාසිකම්

මූලික මිනිස් අවශ්‍යතා හා රෝගියාගේ අයිතිවාසිකම්


මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපාන සාදක

  • පාරිසරික සාදක

වාතය දූෂණය වීම,නියං හා ගංවතුර


  • ආර්ථික හා සමාජ සාදක

දිලිඳු කම,ජනගහනය අධික වීම,ජීවන රටාවල වෙනස්කම්


  • ප්‍රවේනි රෝගතත්ව

උපතින් ඇතිවන රෝගතත්ව,දියවැඩියාව,අධි රුධිර පීඩනය,අංගවිකල බව,මන්ද බුද්ධික බව




රෝගී සත්කාරය සම්බන්ධව මූලධර්ම 14 කි

(වර්ජිනියා හැන්ඩසන් වාර්ථාවට අනුව)

  • ස්වසනයේදී රෝගියට සහයවීම
  • ආහාර පාන ගැනීමේදී රෝගියට සහයවීම
  • බහිශ්‍රාව්‍ය කටයුතුවලදී සහයවීම
  • ඇවිදීම,හිටගැනීම,ඉරියවු පවත්වාගැනීම,ඉරියවු මාරුකිරීමට සහයවීම
  • විවෙක ගැනීමට හා නිදාගැනීමට සහයවීම
  • ඇදුම් තෝරාගැනීමට,ඇදුම් ඇඳගැනීමට හා මාරුකිරීමට සහයවිම
  • ශරීර උෂ්නත්වය සාමාන්ය තත්වයක පවත්වා ගැනීමට සහයවීම
  • සම,ශරීරෙය පිරිසිදුව පවත්වා ගැනීමට සහයවීම
  • පරිසරයෙන් වියහැකි අනතුරුවලින් වැලක්වීම
  • හැගීම් හා අවශ්‍යතාවයන් ප්‍රකාශකිරීම සඳහා අන් අය සමග අදහස් ප්‍රකාශකිරීමට අවස්තාව ලබාදීම
  • රෝගියාට ටම ආගම සිහිකිරීමට හෝ ඔහු මටයන් තහවුරුකරගැනීමට සහයවීම
  • ඉගැන්වීමට සහයවීම
  • රෝගියාට ඵලදායි වැඩක නිරතවීමට සැලස්වීම



රෝගියාගේ අයිතිවාසිකම්

  • රෝගියාට සැලකිය යුතු ගෞරවනීය සේවයක් ලබාගැනීමට
  • රෝගියාගේ රෝගතත්වය හා ප්‍රථිකාර දැනගැනීමට හා රෝගයනිසා අටිවන අතුරුආබාද ගැන දැනගැනීමට
  • ප්‍රථිකාර කිරීමට පෙර හා පිළිවෙත් කිරීමට පෙර රෝගියාගෙන් අවසර ගැනීම
  • සීමාවක් දක්වා රෝගියාට ප්‍රථිකාර ප්‍රතික්ශේප කිරීමට අයිතියක් ඇත
  • රෝගී සාත්තුව පිලිබඳ සියලුම වාර්තා වල ඇති දේවල් දැනගැනීමට ඇති අයිතිය
  • රෝග විනිශ්චව පරීක්ෂණ සම්බන්දව ප්‍රතික්ශේප කිරීමට අයිතියක් අත
  • විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ඇති අයිතිය
  • රෝහල් ගාස්තු දැනගැනීමට ඇති අයිතිය
  • රෝහල් නීති රීති දැනගැනීමට ඇති අයිතිය

Saturday, July 30, 2011

පිරිසිදු කිරීමේදී පිලිපැදිය යුතු කරුණු

පිරිසිදු කිරීමේදී පිලිපැදිය යුතු කරුණු

  • පළමුව උපකරණ රැස්කරගන්න(දූවිලිකඩ,බුරුසු,සබන් වතුර,ව්‍යාසාදකය මොප් එක)
  • දූවිලි පිසදමනවිට ඉහලසිට පහලටත් තමාගෙ පැත්තෙන් විරුද්ධ පැත්තටත් පිසදැමිය යුතුයි.
  • දූවිලි පිසදමනවිට තෙත දූවිලි කඩක් පාවිච්චි කිරීමෙන් දූවිලි පතිරයාම වලකී නමුත් ඔප දැමූ භාන්ඩ වල දූවිලි පිසදැමීමට තෙත දූවිලිකඩක් පාවිච්චිය නුසුදුසුය,හොදින් පවිත්‍රවන ආකාරයට කලයුතුය
  • ලී බඩු පිසදමනවිට දිග අතට අත තදකර පිසදැමිය යුතුයි.සියලුම ලී බඩු සතියකට වරක් පිරිසිදු කලයුතු අතර රෝගියා සඳහා ඇති ලොකරය දිනපතා පිරිසිදුකල යුතුයි.ඉවත දැමිය යුතු දෙයක් අත්නම් රෝගියාගේ අනුමැතිය ඇතිව ඉවත්කල යුතුය.


අතුගෑම

රෝගියාටත් කාරයමන්ඩලයටත් ප්‍රියජනක සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ලබාදීම සඳහා


අවශ්‍ය උපකරණ

  • කොස්ස
  • දූවිලිකඩ
  • කුණු බාල්දිය
  • වතුර බාල්දිය
  • බුරුසුවක්
  • ව්‍යාසාදක ද්‍රව්යක්(Lotion)


අතුගෑමේදී සැලකිලිමත් වියයුතු කරුණු

  • අවශ්‍ය උපකරණ රැස්කරගන්න
  • විදුලිපංකා නිවාදමන්න
  • අතුගානවිට අල්මාරි ලොකර්යට ආදී සහ මුලුගැන වඩාත් සැලකිලිවිය යුතුය.
  • වෛද්‍යවරයා රෝගීන් පරික්ෂාකරන අවස්තාවේදී රෝගීන්ට ආහාර බෙදන අවස්තාවේදී, හෙද පිලිවෙත් කරන අවස්තාවේදී(මැහුම් කැපීම බෙහෙත් දැමීම වැනි ඇවස්තාවලදී වාට්ටු අතුගෑමෙන් වලකින්න.
  • අතුගෑම රෝගීන්ට අනතුරක් මොවනලෙස කරන්න.


මොප් කිරීම

මෙහිදී මොප්කිරීමේ පරමාර්ථ වනුයේ පාවහන් මගින් ගෙනෑන විශබීජ මර්දනය කිරීමයි. විශේෂයෙන් හිරු එලිය සහ ඔක්සිජන් නොමැතිව වර්ධනයවන විෂබීජ(ඩෙටනස්,පිටගැස්ම වැනි)මේ මගින් විනාශකිරීමයි

අවශ්‍ය උපකරණ

  • මොප් එක හා ඒ සඳහා විශේෂවු මොප් බාස්කට් එක
  • සබන් වතුර
  • Fenol හො ව්‍යාසාදක ද්‍රාවනයක්

වාට්ටුවක් මොප්කිරීමට ඒ සඳහා මොප් 3ක් තිබිය යුතුය.


මොප් කිරීමේදී

  1. පළමුව කාරයමන්ඩලයේ ප්‍රදේශය
  2. දෙවනුව වාට්ටුවේ මැද
  3. අවසානයේ ආසාදිත ස්ථාන ඇති ප්‍රදේශ

මොප්කිරීම කලයුතුය.


මෙහිදී මොප්කිරීමේ පරමාර්ථ වනුයේ පාවහන් මගින් ගෙනෑන විශබීජ මර්දනය කිරීමයි. විශේෂයෙන් හිරු එලිය සහ ඔක්සිජන් නොමැතිව වර්ධනයවන විෂබීජ(ඩෙටනස්,පිටගැස්ම වැනි)මේ මගින් විනාශකල හැක.

මොප් එක විශබීජ නාශක දියරයක දමා සෝදා තද අව්වේ වේලාගත යුතුය.

වාට්ටුවල බිත්ති පවිත්‍ර කිරීම
සබන් මිශ්‍ර වතුරෙන් හෝ ව්‍යාසාදකයක් මිශ්‍ර වතුරෙන් අතුල්ලා හෝදන්න.විශේෂයෙන්ම සතියකට වරක්ම වට්ටු සෝදන්න.ඊට අමතරව බිත්ති කිලිටි අවස්තාවේදී සෝදා පවිත්‍ර කලයුතුය.බොහෝ සේ කිලිටිවී ඇත්නම් ටීන්තගා පවිත්‍ර කලයුතුය.සේදීමට හැකිවන සේ බිත්ති සඳහා එනමල් තීන්ත ආලේපකල යුතුය.

Friday, July 29, 2011

වාට්ටුව තුල හා අවට පරිසරය පිරිසිදු කිරීම

වාට්ටුව තුල හා අවට පරිසරය පිරිසිදු කිරීම


ඒකකය(වාට්ටුව)

පිරිසිදු උපකරණ,රෙදි,බිත්ති,පොළව,ව්‍යාදිජනක ජීවීන්(බැක්ටීරියා,වෛරස්,දිලීර)ගෙන් තොරවිය යුතුය.


අපිරිසිදු රෝහලකට මහජන ප්‍රසාදය අඩුවේ.එබැවින් රෝගියගේ භෞතික උපකරණ ඇතුලු බිම ලීබඩු පිරිසිදු කිරීමේ මූලධර්ම දැනගත යුතුය.

උපකරණවල පිරිසිදු බව ක්‍රමානුකූල බව අවට සුන්දර වටපිටාවක් මවයි එය රෝග්ගීන්හට සහ අමුත්තන් තුල මෙන්ම කාර්‍යමන්ඩලයේ අය අතරද සතුටක් ඇතිකරන්න සේ වැඩකිරීමේ ධෛරයද ඇතිකරයි.

යම් වාට්ටුවක මකුණු දැල් බැදී අපිරිසිදුව අපිලිවෙලකට තිබේනම් එයින් කියවෙනුයේ කාර්‍යමන්ඩලයේ අකාරයක්ෂමතාවයයි.