Monday, June 27, 2011

රෝගී වර්ගීකරණය/රෝහලක සිදුකෙරෙන කාර්යයන්/රෝහල් වර්ග

සෛඛ්‍ය යනු රෝග වලින් තොරවීම පමනක් නොව පුද්ගලයෙකුගේ ශාරීරික,මානසික,සමාජීය හා අධ්යාත්මික සහජීවන සහ පැවැත්මයි.


රෝහල-Hospital

රෝහල යනු රෝගීන්ට ප්‍රථිකාර හා ආරක්ෂාව සපයන ප්‍රජා සෛඛ්‍ය ආයතනයකි.


රෝහලක සිදුකෙරෙන කාර්යයන්

  • රෝග පරික්ෂණ
  • රෝග ප්‍රතිකාර
  • රෝග නිවාරණය
  • පුහුණු මධ්යස්තාන

ආයතනයක් යනු
පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටුකරන ස්ථානයකි ආයතනයේ සේවය කරන්නන් පොඩු අරමුනක් සදහා ක්‍රියා කරයි

රෝහල් වර්ග
ශික්ෂණ රෝහල්, මහා රෝහල්, ප්‍රාදේශිය රෝහල්,දිසා රෝහල්,පර්යන්ත ඒකක (Perparal Unit ), මධ්‍යම බෙහෙට් ශාලා (Central Dispensary), මධ්‍යම රෝහල්, මාතෘ නිවාස



ජාතික රෝහල

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ. අද්‍යක්ශක වරුන් කිහිපදෙනෙක් යටටේ පවතී.


ශික්ෂන්ණ රෝහල-

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වන, ඇදන් 500 කට වැඩි පහසුකම් වලින් සමන්විතය.
උදා:- ජාතික රෝහලට පුහුනු කටයුතු සදහා හෙද හා වෛද්‍ය ( ජයවර්දන පුර, රාගම, කලුබොවිල,
කරාපිටිය,නුවර,පේරාදෙනිය )


මහ රෝහල-Genaral Hospital

මහ රෝහලක ප්‍රදානියා අධ්‍යක්ශක වේ.මෙම රෝහලක විශෙෂ ශ්‍රේනියේ හෙද නිලදාරින් දෙදෙනෙකුට වඩා සිටිය හැක.සියලුම අන්ශයන්ගෙන් සමන්විතය.
උදා:- ඇස් වාට්ටු, ශල්‍ය වාට්ටු, කායික වාට්ටු
ඇදන් 350-500 ට වඩා තිබිය හැක.
උදා:- මහ මෝදර, මාතර, බදුල්ල, රත්නපුර, නුවරෑලිය, මඩකලපුව, යාපනය, කළුතර


රෝහල් චතුරශ්‍රය

ජාතික රෝහල, ද සොයිසා කාන්තාරෝහල, රිච්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, ආර්ය නයනා රෝහල, දන්ත රෝහල

ප්‍රාදේශිය රෝහල්

ප්‍රදාන නගර ආශ්‍රිතව පිහිටයි.මෙහි සියලු අන්ශවල වාට්ටු ඇත.දැඩිසත්කාර පහසුකම් නැත.සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ.
උදා:- බේරුවල


මූලික රෝහල්-Base Hospital

ඇඳන් 100-350 අතර වේ. විශාල නගර ඇශ්‍රිතව පිහිටයි.ශල්‍ය වාට්ටු, ළමා වාට්ටු, නාරිවේද, කන උගුර නාසය (E.N.T) රසායනාගාර පහසුකම් ඇත.


දිසා රෝහල්-District Hospital

ඇඳන් 25-100 අතර වේ.මෙහි විශේෂත්වය වන්නේ විශේෂග් වෛද්‍ය වරුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටීමයි. ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. රසායනාගාර පහසුකම් ඇත.මෙහි ඇත්තේ සහකාර වෛද්‍යවරුන් හා හෙදියන් 25ක් පමන වේ.


පර්යන්ත රෝහල්-Perparal Hospital

ඇඳන් 25ට අදුය.එක් වෛද්‍යවරයෙක් පමක් සිටී.සහකාර වෛද්‍යවරුන් සිටී.වෙශේෂ වාට්ටු නොමැත.නමුත් ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. මාතෘ වාට්ටු ඇත


ග්‍රාමීය රෝහල්

ස්ත්‍රී පුරුෂ වාට්ටු ඇත.ඇඳන් 10-15 ත් අතර වේ.වෛද්‍යවරුන් විසින් පාලනය කරයි.


මධ්‍යම බෙහෙත් ශාලා

ඇඳන් 5ක් පමන වේ.බාහිර රෝගී අංශයක් ඇත.සායන පැවැත්වේ රෝගීන් ඇටුලට් කරනු නොලැබේ.
A.M.O සහ R.M.O වරුන් යටතේ පාලනය වේ.

මාතෘ නිවාස

ප්‍රාද්ශිය වෛද්‍යවරයෙක් ඇත. ළමා හා මාතෘ සායන පැවැත්වේ.පවුල් සෛඛ්‍යය සෙවිකාවන් ඇත.
උදා:- වාද්දුව


විශේෂ රෝහල්

  • ක්ෂය රොගය සදහා වැලිසර
  • ලාදුරු රොගය සදහා හදල
  • පිලිකා රෝහල මහරගම
  • මානසික රෝහල අංගොඩ


පුනුරුත්තාපන රෝහල්

රාගම, තලගොල්ල, පොලිස් රෝහල (කොළඹ), යුධ හමුදා රෝහල (කොළඹ), නාවික හමුදා රෝහල (කොළඹ), ගුවන් හමුදා රෝහල (කටුනායක), සිරකරුවන් (වැලිසර)



1 comment: