Monday, June 27, 2011

රෝගී වර්ගීකරණය/රෝහලක සිදුකෙරෙන කාර්යයන්/රෝහල් වර්ග

සෛඛ්‍ය යනු රෝග වලින් තොරවීම පමනක් නොව පුද්ගලයෙකුගේ ශාරීරික,මානසික,සමාජීය හා අධ්යාත්මික සහජීවන සහ පැවැත්මයි.


රෝහල-Hospital

රෝහල යනු රෝගීන්ට ප්‍රථිකාර හා ආරක්ෂාව සපයන ප්‍රජා සෛඛ්‍ය ආයතනයකි.


රෝහලක සිදුකෙරෙන කාර්යයන්

  • රෝග පරික්ෂණ
  • රෝග ප්‍රතිකාර
  • රෝග නිවාරණය
  • පුහුණු මධ්යස්තාන

ආයතනයක් යනු
පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටුකරන ස්ථානයකි ආයතනයේ සේවය කරන්නන් පොඩු අරමුනක් සදහා ක්‍රියා කරයි

රෝහල් වර්ග
ශික්ෂණ රෝහල්, මහා රෝහල්, ප්‍රාදේශිය රෝහල්,දිසා රෝහල්,පර්යන්ත ඒකක (Perparal Unit ), මධ්‍යම බෙහෙට් ශාලා (Central Dispensary), මධ්‍යම රෝහල්, මාතෘ නිවාස



ජාතික රෝහල

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ. අද්‍යක්ශක වරුන් කිහිපදෙනෙක් යටටේ පවතී.


ශික්ෂන්ණ රෝහල-

සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වන, ඇදන් 500 කට වැඩි පහසුකම් වලින් සමන්විතය.
උදා:- ජාතික රෝහලට පුහුනු කටයුතු සදහා හෙද හා වෛද්‍ය ( ජයවර්දන පුර, රාගම, කලුබොවිල,
කරාපිටිය,නුවර,පේරාදෙනිය )


මහ රෝහල-Genaral Hospital

මහ රෝහලක ප්‍රදානියා අධ්‍යක්ශක වේ.මෙම රෝහලක විශෙෂ ශ්‍රේනියේ හෙද නිලදාරින් දෙදෙනෙකුට වඩා සිටිය හැක.සියලුම අන්ශයන්ගෙන් සමන්විතය.
උදා:- ඇස් වාට්ටු, ශල්‍ය වාට්ටු, කායික වාට්ටු
ඇදන් 350-500 ට වඩා තිබිය හැක.
උදා:- මහ මෝදර, මාතර, බදුල්ල, රත්නපුර, නුවරෑලිය, මඩකලපුව, යාපනය, කළුතර


රෝහල් චතුරශ්‍රය

ජාතික රෝහල, ද සොයිසා කාන්තාරෝහල, රිච්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, ආර්ය නයනා රෝහල, දන්ත රෝහල

ප්‍රාදේශිය රෝහල්

ප්‍රදාන නගර ආශ්‍රිතව පිහිටයි.මෙහි සියලු අන්ශවල වාට්ටු ඇත.දැඩිසත්කාර පහසුකම් නැත.සෛඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ.
උදා:- බේරුවල


මූලික රෝහල්-Base Hospital

ඇඳන් 100-350 අතර වේ. විශාල නගර ඇශ්‍රිතව පිහිටයි.ශල්‍ය වාට්ටු, ළමා වාට්ටු, නාරිවේද, කන උගුර නාසය (E.N.T) රසායනාගාර පහසුකම් ඇත.


දිසා රෝහල්-District Hospital

ඇඳන් 25-100 අතර වේ.මෙහි විශේෂත්වය වන්නේ විශේෂග් වෛද්‍ය වරුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටීමයි. ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. රසායනාගාර පහසුකම් ඇත.මෙහි ඇත්තේ සහකාර වෛද්‍යවරුන් හා හෙදියන් 25ක් පමන වේ.


පර්යන්ත රෝහල්-Perparal Hospital

ඇඳන් 25ට අදුය.එක් වෛද්‍යවරයෙක් පමක් සිටී.සහකාර වෛද්‍යවරුන් සිටී.වෙශේෂ වාට්ටු නොමැත.නමුත් ගැහැනු පිරිමි හා ළමා වාට්ටු ඇත. මාතෘ වාට්ටු ඇත


ග්‍රාමීය රෝහල්

ස්ත්‍රී පුරුෂ වාට්ටු ඇත.ඇඳන් 10-15 ත් අතර වේ.වෛද්‍යවරුන් විසින් පාලනය කරයි.


මධ්‍යම බෙහෙත් ශාලා

ඇඳන් 5ක් පමන වේ.බාහිර රෝගී අංශයක් ඇත.සායන පැවැත්වේ රෝගීන් ඇටුලට් කරනු නොලැබේ.
A.M.O සහ R.M.O වරුන් යටතේ පාලනය වේ.

මාතෘ නිවාස

ප්‍රාද්ශිය වෛද්‍යවරයෙක් ඇත. ළමා හා මාතෘ සායන පැවැත්වේ.පවුල් සෛඛ්‍යය සෙවිකාවන් ඇත.
උදා:- වාද්දුව


විශේෂ රෝහල්

  • ක්ෂය රොගය සදහා වැලිසර
  • ලාදුරු රොගය සදහා හදල
  • පිලිකා රෝහල මහරගම
  • මානසික රෝහල අංගොඩ


පුනුරුත්තාපන රෝහල්

රාගම, තලගොල්ල, පොලිස් රෝහල (කොළඹ), යුධ හමුදා රෝහල (කොළඹ), නාවික හමුදා රෝහල (කොළඹ), ගුවන් හමුදා රෝහල (කටුනායක), සිරකරුවන් (වැලිසර)



Saturday, June 25, 2011

තමා රෝගියෙකුනම් රෝහල් කාර්යමණ්ඩලයෙන් බලාපොරොත්තුවනදේ


  • සුහද ශීලී පිලිගැනීම
  • සවන්දීම
  • හදුන්වා දීම( රෝහල,වාට්ටුව )
  • රෝගියාව තෙරුම් ගැනීම
  • ප්‍රතිකාර බලාපොරොත්තුවීම
  • නිශ්ෂබ්ද පරිසරය
  • ආහාර පාන බලාපොරොත්තු වීම
  • වෛද්‍ය පරීක්ෂන බලාපොරොත්තුවීම
  • උදා:- E.C.G , SCAN , X RAY
  • රෝගය හදුන්න ගැනීම
  • අසරණ වේද කියා සිතීම
  • ආරක්ෂාව බලා පොරොත්තුවීම
  • පිරිසිදුකම
  • ඇඳක් ලබා ගැනීමේ බලාපොරොත්තුව
  • පිරිසිදු ෂීට් එකක් ලබාගැනීමෙ බලාපොරොත්තුව
  • රෝග විනිශ්චය කාඩ් පත ලබාගනීම
  • උදවු බලාපොරොත්ටු වීම
  • කාර්යමන්ඩලයේ ඉවසිලිවන්ත බව
  • සායනයට පැමිනෙන දිනය

උපස්ථායකයෙකු තුල තිබිය යුතු ගුනාංග

  • නිරෝගී කම
  • කරුණාව අනුකම්පාව දයාව
  • ඉවසීම
  • නිරික්ශණ ශක්තිය
  • පක්ශපාතීබව
  • කීකරු කම අවංක කම
  • තැනට සුදුසු නුවණ
  • වගකීමක් බාරගැනීමේ හැකියාව
  • තමන් කරන කාර්ය සම්පුර්නව හා නිවැරදිව කරන්න
  • ධාර්මික බව
  • සිරිත් විරිත් වලට ගරු කිරීම
  • ආචාර ශිලී බව
  • තැම්පත් බව
  • අනුන්ගේ සිත් දිනා ගැනීමෙ හැකියාව
  • පිරිසිදු බව
  • ආත්ම විශ්වාසය
  • සත්‍යවාදී බව
  • මනා පෞරුශයක් තිබීම
  • වරදක් සිදුවු විට එය පිලිගැනීමෙ හැකියාව
  • සංවිදානය කිරීමේ හැකියාව
  • නව දැනුම කරා යාමෙ හැකියාව
  • උනන්දුව හා උද්යෝගය

උපස්ථායක/උපස්ථායිකා කාර්ය බාරය

1. රෝගී සත්කාරක සේවා කණඩායමේ නමා වැදගත් පුද්ගලයෙකු බව දැන සිටීම.


2. නියමිත වේලාවට නිල අදුමෙන් සැරසී සිටීම.

3. සේවයට පැමිනීමෙන් පසු පැමිනි බව වාර්ථා ලේඛනයේ ලකුණු කිරීම


4. තමා අයත් සේවය පිලිබඳ අවබෝධයක් ලාබා ගැනීම.


5. රාජකාරි අවස්තාවලදී යන එන ස්තාන හා බැහැරව යාමේදී දැනුම් දීම.


6. වීනීත බව හා අචාරශීලී පවැත්ම.


7. රෝගියාගේ සුවයට සහයවීම හා ආරක්ශාවට සහායවීම හා සුවපහසුවට අවශ්‍යදේ ලබාදීම.


8. රාජකාරියට බාධාවක් නොවනසේ නිවාඩු ගැනීම.


9. සියලු අංශ සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීම.


10. සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම.


11. රජයේ බඩු බාහිර ආදිය පිලිබඳ ඇති වගකීම


12. වැරදි ක්‍රියාවලට අනුබල නොදීම.


13. තමාගේ කිට්ටුම අධීක්ශන නිලධාරියා යටතේ කටයුතු කිරීම හා සහය වීම


14. සුවය නොලබන රෝගීන් මරනාසන්න රෝගීන්

සඳහා ඥාතීන් වෙත අවශ්ය පිලිවෙත් සඳහා සහය වීම.

Wednesday, June 22, 2011

උපස්ථායක මහත්ම මහත්මීන් විසින් පිළීපැදිය යුතු නීති හා ආචාර ධර්ම

අචාර ධර්ම පිළිපැදීම මගින් තමාගේත් ආයතනයේත් ගෟරුත්වය රුකෙන අතර රෝගියාට වඩාත් ඵළදායි හා උසස් සේවාවක් ලැබේ.

01. රාජකාරියට නියමිත වෙලාවට පැමිනීම හා පිටවීම.

02. හැසිරීම උසස් මට්ටමක පවත්වාගත යුතුය.

03. රෝගියා රෝහලේ වැදගත්ම පුද්ගලයා බව සැලකිය යුතුය.

04. රෝගියාට ගරු කිරිම හා සත්කාර කිරිමට තමා බැදී සිටින බව දැනසිටිය යුතුය.

05. තමාට පැවරෙන රාඡකාරිය කාරය්‍යක්ෂමව හා ඵළදායිව (තමාට පුලුවන් ඉක්මනට හා කර්ය්‍යශමව) කිරීමෙන් වැඩක් මිස අවැඩක් නොවිය යුතුය.

06. ජේෂ්ඨ නිළධාරින් තමා නීතිගරුක,කරය්‍යශම හා දක්ෂ සෙවකයෙකු ලෙස විශ්වාස කරන හෙයින් එම මතයට ගරු කිරීම.

07. රෝහල තුලදී වාට්ටුව තුලදී ආපන ශාලාවේදී එහා මෙහා යාමේදී අනෙකුත් නිළධාරින් සමග මහජනයා සමග ආයතනයේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කල යුතුය.

08. සේවකයින් හා මහජනයා අතර සුහද සම්බන්ධතාවයක් ඇතිකරගත යුතුය.

09. රජයේ බඩු ඛාහිර ආදිය තමාගේ පුද්ගලික දේ ආරක්ෂා කරගත යුතුය.

10. රෝහල් භුමිය තුලදී රාජකාරී හෝ රජකාරී නොවන විටදී මත් ද්‍රව්‍ය පාවිච්චිය හා බුලත් විට සැපීම නොකල යුතුය.

11. රාජකාරියෙන් ලැබෙන වැටුප් හා ඊට අදාල දීමනා පමනක් ලැබිය යුතුය.

12. රෝහල් භුමිය තුලදී අයතා මුදල් ගනුදෙනු නොකල යුතුය.

13. රාජකාරියට නියමිත වෙලාවට පැමිනීම හා පිටවීම කල යුතු අතර රාජකාරී කටයුත්තකදී හැර අවෙලාවේ ආයතනයෙන් බැහැරවිම සම්පුර්ණයෙන් තහනම්ය.

14. අවසර ඇතිව නිවාඩු ගතයුතු අතර සේවයට පැමිනීමට නොහැකිනම් ඒ බව උසස් නලධාරින්ට දැන්විය යුතුය.

15. තමාගේ පෟද්ගලික සෞඛය මනාලෙස රැකගත යුතුය.

16.නව විලාසිතා වලින් තොර වියයුතු අතර රැව්ල කොන්ඩය කපා සෙවයට වාර්තාකල යුතුය.කාන්තාවන් බෙල්ලෙන් උඩට කොන්ඩය බැඳ තිබිය යුතුය.

17. නිල ඇඳුම පිරිසිදුව තැබිය යුතු අතර එය සම්මතයක් විය යුතුය.

18. මුඛය අත්පා වල නිය හා හිසකේ පිරිසිදුව තැබිය යුතු අතර රෝගින් ඇමතීමේදී ප්‍රිය වචන කතාකල යුතුය.

19. උසස් පුද්ගයින් අමතන විට "Excuse me" යනුවෙන් ගරු සරු ඇතිව ඇමතිය යුතු අතර කතා කිරීමෙදි අතපය විසි කිරීමෙන් වලකින්න.

20. කාන්තාවන් කුඩා කරාබු යුවලක් සහ මංගල මුදුව පමනක් පැලදීම හා කුඩා චේන් එකක් පළඳිනන්නේ නම් ඇඳුමේ කරෙන් නෝපෙනෙනසේ පැළඳිය යුතුය.

21. කලු සපත්තු පොලිෂ් කර මේස් දැමිය යුතුය.

22. කාන්තා නිල ඇඳුම සාක්කු දෙකක් සහිතව මදක් බුරුලට දනහිසින් පහලට තිබිය යුතුය.

23. පිරිමින් අත් කොට කමිසය නැෂනල් කොලරය සහිතව හා දිග කලිසම විය යුතුය.
24. ඔරලෝසුව සාක්කුවේ තිබිය යුතු අතර බ්‍රෙස්ලට් දැමීම තහනම්ය.

25. ජංගම දුරකතන භාවිතය සීමා කලයුතුය වාට්ටුවේ මැද කොරිඩෝව දිගෙ විශේෂ ඒකක වල භවිතා නොකරන්න.

26. නිල ඇඳුමින් ශබ්දනගා සිනාසීම කෑගැසීම හඬනඟා ඇඳ නොම්මරයෙන් රෝගියා ඇමතීම නොකල යුතුය.

Wednesday, June 15, 2011

පාඨමාලාව හැදින්වීම


පාඨමාලාව හැදින්වීම-The Mission
උසස් තත්වයෙ සමානාත්මක ඵලදායිතා සදහා ස්ථිර සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සදහා තමන් ක්‍රියාකරමින්ජනතා අවශ්‍යතාවයන්ට නිසි ප්‍රතිකාර දැක්වීම මගින් ලඟාකර ගතහැකි උසස්ම සෞඛ්‍ය තත්වය ලබාගැනීම.


ඉලක්ක-The Vission

ආර්ථික සමාඡීය මානසික සහ අධ්යාත්මික සංවර්ධනය සඳහා දායක වන සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා උරදීම.


පාඨමාලාවේ අරමුණු

1. උපස්ථායක/උපස්ථායිකාවකගේ ක්‍රියාව(භූමිකාව) අගය කලහැකි තත්වයට පත්කිරීම


2. රෝගියා මාධ්‍ය කරගෙන සාත්තු කිරීමෙදි මූලධර්ම අනුගමනය කිරීම.


3. රෝගියා ජීවත් වීමේදි හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේදී අවශ්‍යවන ආකාරයට ඔවුන් උනන්දු කිරීම හා සහය වීම.


4. රෝගියාට හා නෑදෑයින්ට සුදුසු අවස්තථා වලදි සෞඛ්‍ය උපදෙස් ලබාදීමට හැකිවීම.

5. ආරක්ෂාව නිවැරදිබව හා ශ්‍රේෂ්ඨ බව මෙන්ම රෝගියාගේ සුවපහසුව තුලින්සෞඛ්‍ය සේවකයකුගේ තත්වය ස්ථිර කිරීම.


හැදින්වීම